HomeSri Lanka Newsවිරෝධතාවකරුවන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්…

විරෝධතාවකරුවන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්…

-

අද (02) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නො දෙන බව ඊට සහභාගී වන පාර්ශ්වවලට දැනුම් දෙමින් පොලිසිය ලිපියක් නිකුත් කර තිබේ.

සහකාර පොලිස් අධිකාරි කේ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ලිපියක් විරෝධතාව සංවිධානය කරන පාර්ශව වෙත යොමු කර ඇති බව වාර්තා වේ.

අදාළ ලිපියේ සඳහන් වන්නේ යෝජිත විරෝධතා රැලිය සහ පෙළපාලිය පැවැත්වෙන කාලසීමාව කොටුව ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන කාලසීමාවක් වන අතර විරෝධතාව හේතුවෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශවල තොග වෙළෙඳාම් කටයුතුවලට ද බාධා එල්ල විය හැකි බවයි.

පොලිස් ආඥා පනතේ 80 වගන්තිය අනුව ශබ්ද විකාශන යන්ත්‍රයක් හෝ යන්ත්‍රානුසාරයෙන් ශබ්දය නිපදවන උපකරණ භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ලබාගත යුතු අතර එම විරෝධතාවයේදී එවැනි අවසරයක් ලබාගැනීමට කටයුතු කර නොමැති බව එම ලිපියෙන් පෙන්වාදී තිබේ. මාර්ග අවහිර කිරීම් හෝ බාධා සිදුවුවහොත් එම පීඩාවන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවන අතර පොලිස් ආඥා පනතේ සහ වෙනත් පවතින නීති යටතේ සහභාගී වන පුද්ගලයින්ට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එ ලිපියේ සදහන්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
few clouds
31 ° C
31 °
31 °
75 %
3.2kmh
17 %
Sun
30 °
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
27 °
Exit mobile version