HomeSri Lanka Newsව්‍යාජ ලොතරැයි පත් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට…

ව්‍යාජ ලොතරැයි පත් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට…

-

කුරුණෑගල නගරයේ අලෙවි කරමින් තිබූ ව්‍යාජ ලොතරැයි පත් 232ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ ලොතරැයි පත් අලෙවි කරන බවට ඊයේ (25) පස්වරුවේ පොලිසියට ලද තොරතුරක් මතයි කුරුණෑගල පොලිස් නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 26 ක් වන වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (26) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version