HomeSri Lanka Newsමෙරට ශ්‍රමිකයින්ට කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ඉදිරියේ දී…

මෙරට ශ්‍රමිකයින්ට කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ඉදිරියේ දී…

-

ධීවර කර්මාන්තයේ පළපුරුද්දක් ඇති ශ්‍රමිකයින්ට කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ දකුණු කොරියානු ජාත්‍යන්තර සමූපකාර ධීවර සංවිධානයේ සභාපති ඉම් ජූන් ටයික් අතර මෙම සකච්ඡාව පැවතියා.

ඒ අනුව ධීවර රැකියා සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද දෙපාර්ශ්වයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොරියානු රජය ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි.

දැනට කොරියානු ධීවර රැකියා සදහා ලබාදෙන E-09 වීසා කාණ්ඩය යටතේ බදවාගනු ලබන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගැනීම සදහා ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

කොරියානු ධීවර රැකියා සදහා දෙවරක් ගොස් ඇති ශ්‍රමිකයින්ට නැවතවරක් එම රැකියා අවස්ථා ලබාගැනීමට ඇති හැකියාව ගැන ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ කරුණක්.

ඒ අනුව E-07 හෝ E -10 කාණ්ඩයේ වීසා බලපත්‍ර හරහා මෙම අවස්ථාව ලබාදීමට ද වැඩිදුරටත් අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කොරියානු ධීවර ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින්ට ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙසට අමාත්‍යවරයා, කොරියානු ජාත්‍යන්තර සමූපකාර ධීවර සංවිධානයේ සභාපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version