HomeSri Lanka Newsමැයි 09 වෙනිදා මොකද වුනේ ? මන්ත්‍රී රමේෂ් ගෙන් හෙළිදරව්වක්...

මැයි 09 වෙනිදා මොකද වුනේ ? මන්ත්‍රී රමේෂ් ගෙන් හෙළිදරව්වක්…

-

මැයි 09 වෙනිදා මොකද වුනේ ? මන්ත්‍රී රමේෂ් ගෙන් හෙළිදරව්වක්…

ගාලුමුවදොර අරගලයට පහරදීමට පැමිණෙන පිරිසට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලනොකරන ලෙසට පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටිනවා.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“මහින්ද රාජපක්ෂ මැතිතුමා ධුරයෙන් ඉවත්වන බව දන්වලා ඊට කළින් දවසේ එතුමාට සමුදෙන්න සුබපතන්න පිරිස් රැගෙන එන්නෙයි කියලා අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලියගහ මන්දිරයට ඒ පිරිස් ගියා. මෙතනට ආපු සාතිශය බහුතරයක පිරිසකගේ පරම අභිලාශය වුණේ. දීර්ඝ කාලයක් මේ රටට සේවය කරපු අගමැතිවරයා ධුරයෙන් ඉවත්වන දවසේදී එතුමාට ගෞරවාන්විත සමුදීමක් ලබාදෙන්න. ඒ රැස්වීමේ අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඉතාම කණගාටුවෙන් සඳහන් කරන්නේ මුග්ධ දේශපාලනඥන් කිහිපදෙනෙක් මෙතනට ආපු ජනතාවට අනියම් බලපෑමක් කළා. ඒක අපි පිළිගන්නට අවශ්‍යයි. ඒ බලපෑමට නතුවෙලා ආපු පිරිසෙන් සියයට 10කටත් අඩු ප්‍රමාණයක් මේ ගෝඨා ගමට පහරදෙන්න ඕනේ කියන මානසිකත්වයෙන් මේ ගාලුපාරේ ගමන්කළා.ඒ සිදුවීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්.”

“මේ අරගලය මාසයක් මෙතන තිබුනා. අතිගරු ජනාධිපතිතුමාටවත්, ආණ්ඩුවටත් කිසිම වුවමනාවක් තිබුණේ නෑ මේ උද්ඝෝෂණයට ගලක්වත් ගහන්න. මේකට සම්පූර්ණ ආරක්ෂාව සැලසුවා කඳුළු ගෑස්, ගල් ප්‍රහාරයක්වත් එල්ලකළේ නෑ. ඒක මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා අපි භාවිත කරපු ප්‍රතිපත්තිය. හැබැයි ඒ අවසනාවන්ත සිදුවීමෙන් පස්සේ මෙතනට පිරිසක් ගියා ඒ පිරිස යනකොට. මෙම එතකොට අරලියගහ මන්ධිරයේ හිටියේ මම එතන ඉඳගෙන නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතාට කතා කළා. මෙහෙම අවාසනාවන්ත සිදුවීමක් වෙන්න යනවා කරුණාකරලා මේක නවත්වන්න. DIG තෙන්නකෝන් මහත්තයා මට කිව්වා කිසිම ගැටළුවක් නෑ අපි රෝඩ් බ්ලොක් දාලා තියෙන්නේ අපි මේක නවත්වනවා කියලා.”

“ඒ ටෙලිෆෝන් කෝල් එක දීලා මම ජනාධිපති මන්ධිරයට ගියා ජනාධිපතිතුමාගේ රැස්වීමකට. ඒ රැස්වීමට යනකොට මට කතාකලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මැතිතුමා. එතුමා කතාකරලා කිව්වා ලොකු ගැටළුවක් වෙන්න යනවා ඇමතිතුමා වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්නෙයි කියලා. මම ජනාධිපතිතුමාට කිව්වා, එතකොට මම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවේ හිටියේ. විශාල ගැටළුවක් සර් ලොකු අර්බුදයක් වෙන්න යනවා වහාම මැදිහත්වෙලා මේක නවත්වන්නෙයි කියලා. එතකොට ජනාධිපතුමා අපි ඉදිරිපිට. ඇමතිවරු කිහිපදෙනෙක් හිටියා. දුරකථන ඇමතුමක් ගත්තා. මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා මොකක්ද මේක සිද්ධවෙන්නේ කියලා ඇහුවට පස්සේ DIG තෙන්නකෝන් කිව්වා, සර් මට පොලිස්පතිතුමා කිව්වා 12.40ට පොලිස්පතිතුමා කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා, මේකට ජල ප්‍රහාර එන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වා. මෙතුමා කිව්වා 12.40ට කතාකළේ. පොලිස්පතිතුමා කිව්වා කෙළින්ම, නියෝජ්‍ය පොලිස්පතිතුමා ජනාධිපතිතුමාට කිව්වා මේක නවත්වන්න එපා කියලා පොලිස්පතිතුමා කිව්වයි කියලා. ජනාධිපතිතුමා කිව්වා තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති, වහාම නවත්වනවයි කියලා ජනාධිපතිතුමා කිව්වට පස්සෙ තමයි කඳුළු ගෑස් ගහල මේ ගමන නතරකරන්න ජනාධිපතුමා කටයුතු කරන්නේ. ඒ මැදිහත්වීමෙන් පස්සේ තමයි කථානායකතුමනි මේ කටයුත්ත මේ මට්ටමට බේරුණේ. ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමා කියපු කතාව ඇත්ත. දෙන්නෙක් මානව හිමිකම් කොමිසමේ සාක්ෂි දුන්නා මේ ප්‍රහාරය නවත්වන්න, ගියපු මුග්ධ පිරිස නවත්වන්න එපාය කියල නියෝග කළේ පොලිස්පතිතුමාත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමාත් කියන එක තමයි සත්‍ය කාරණය. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
32 ° C
32 °
32 °
67 %
5.8kmh
1 %
Mon
30 °
Tue
28 °
Wed
28 °
Thu
27 °
Fri
28 °
Exit mobile version