ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් රැසකගේ නිවාස රැසකට විරෝධතාකරුවන් විසින් පහරදී විනාශ කර සිටිනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල, විල්ගොඩ ප්‍රදේශයේ පිහිටි කාර්යාලයට විරෝධතාකරුවන් විසින් පහරදී ගිනි තබා ඇත. මේ අතර මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් පහරදී ගිනි තබා ඇත.
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නගරාධිපති තුෂාර සංජිව, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ගේ නිවෙස් වලට ද විරෝධතාකරුවන් විසින් පහරදී ඇත.