එළඹෙන 26 වනදා විදෙස් ගමන් බලපත් සඳහා අයදුම්කළ අයදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර ඇති බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසයි.
එළඹෙන 26 වැනි සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කිරීම හේතුවෙන් අදාළ අයදුම්කරුවන් වෙනුවෙන් වෙනත් දියක් හා වේලාවක් ලබාදීමට සැලසුම් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.