HomeSri Lanka Newsපාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙනවා - ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙනවා – ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා

-

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය විසින් සිදුකරන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්වන බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.

කෙසේ නමුත් අදාළ පරීක්ෂණ කටයුතු ඉක්මනින් සිදුවිය යුතු බව තම අදහස බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැගවුණු හස්තය ගැන යම් හෝඩුවාවක් 21 වනදා වන විට ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් කිතුණු ජනතාව ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්වාසයකින් පසුවන බවද ඔහු සඳහන් කළේය.

වෙනදා පාස්කු ප්‍රහාරය සිදුවූ දිනය පැමිණෙන විට ජනතාව විරෝධතා උද්ඝෝෂණ සිදු කළද මෙවර එය සිදු නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ ජනතාව ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්වාසය තබා ඇති ආකාරය බවයි ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
27.3 ° C
27.3 °
27.3 °
80 %
1.7kmh
48 %
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
29 °
Exit mobile version