HomeSri Lanka Newsප්‍රදේශ රැසකට වැසි තත්වය තව දුරටත්...

ප්‍රදේශ රැසකට වැසි තත්වය තව දුරටත්…

-

 

 

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර් 50 කට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශිරෝමනී ජයවර්ධන පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version