ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ඉංග්රීසි ක්රිකට් විස්තර විචාරකයෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න කරමින් සිටින බව පොලිසියේ ඉහළ නිලධාරිවරයෙක් පැවසීය.
අදාළ විස්තර විචාරකයා සහ දිනේෂ් ශාෆ්ටර් අතර රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක් සිදු වී ඇතැයි හෙළි වී ඇතැයි පැවසේ.
එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් එම ක්රිකට් විස්තර විචාරකයා මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණ අතර දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්ත තුළදී වාහනයේදී ම ඝාතනයට ලක්ව ඇති බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ