HomeSri Lanka Newsතෙල් නැවක් මාස එකහමාරක් මුහුදේ...

තෙල් නැවක් මාස එකහමාරක් මුහුදේ…

-

මෙරටට ගෙන්වාගත් මෙට්‍රික් ටොන් අනූනවදහසක් අඩංගු බොරතෙල් නෞකාවක් දින හතළිහක කාලයක් තිස්සේ කොළඹ වරාය පරිශ්‍රයේ නවතා තබා ඊට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක මුදලක් එකතු වන්නට ඉඩ හැර ඇත්තේ මන්දැයි සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති. ගෙවී ගිය දින හතළිහක කාලයේ දී එකතු වී තිබෙන ප්‍රමාද ගාස්තුවල මුළු එකතුව ඩොලර් හැටලක්‍ෂයක් වන බව ද ඔවුහු පවසති.
සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් නොලැබීම නිසා ඉකුත් 07 වැනිදා සිට වසා දමා ඇත.

මෙම බොරතෙල් නැව නිදහස්කර ගැනීමට ඩොලර් මිලියන 70ක පමණ මුදලක් ගෙවිය යුතුව තිබුණ ද එය රුපියල්වලින් ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබිණි.

නමුත් දින හතළිහක් තිස්සේ මෙකී බොරතෙල් නෞකාවට ප්‍රමාද ගාස්තු එකතුවීමට ඉඩහැර තිබීම අපරාධයක් නිසා ඒ පිළිබඳ කඩිනම් පියවරක් ගන්නා ලෙස තෙල් සංස්ථා වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා සිටිති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28.4 ° C
28.4 °
28.4 °
75 %
1.8kmh
51 %
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
29 °
Sat
29 °
Exit mobile version