HomeSri Lanka Newsත්‍රී රෝද රථ ගමන් ගාස්තු අඩුවන හැඩ...

ත්‍රී රෝද රථ ගමන් ගාස්තු අඩුවන හැඩ…

-

QR ක්‍රමවේදය යටතේ වෘත්තීමය ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව දෙගුණ කිරීමට රජය ඊයේ (24) තීරණය කළා.

රජයේ මෙම තීරණයත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබෙනවා.

ඒ, අනුව කිලෝමීටරයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 20.00 කින් පහත දැමීමට පියවර ගන්නා බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව දෙගුණ කිරීම ලබන මස 06 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවති සාකච්ඡාවක දී දැනුම් දුන්නේ.

වෘත්තීමය ත්‍රීරෝද රථ සංගම් සහ ජනාධිපති ජ්‍යේෂඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සමඟ ඊයේ මෙම සාකච්ඡාව පවත් වුණා.

මේ අතර බස් සහ පාසල් වෑන් රථ සඳහා ද ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව සාගල රත්නායක සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version