HomeSri Lanka Newsණය ගෙවීමට නොහැකිවීම ගැන ලැජ්ජා වෙනවා - අගමැති...

ණය ගෙවීමට නොහැකිවීම ගැන ලැජ්ජා වෙනවා – අගමැති…

-

ණය ගෙවීමට නොහැකිවීම ගැන ලැජ්ජා වෙනවා – අගමැති…

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් එළඹෙන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“ස්කයි නිවුස්” පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රමාත්‍යවරයා පැවසුවේ මේ බව පැවසීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවට ණය ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වන බවය.

ශ්‍රී ලංකාවේ වාර්තමානයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සඳහා පසුගිය පරිපාලනය වගකිව යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළේය.

අදාළ සම්මුක සාකච්ඡාව පහතින් දැක්වේ,

1) වර්තමාන තත්ත්වයට වගකිව යුත්තේ කවුරුන්ද? 

මම ප්‍රකාශ කරන්නේ පසුගිය පරිපාලනය මේ සඳහා වගකිව යුතුයි. ඔවුන් තමයි ආර්ථිකය පවත්වාගෙන ගියේ. අද අපි බංකොලොත් භාවයට පැමිණ තිබෙනවා. එය මීට පෙර කෙදිනකවත් ශ්‍රී ලංකාවට සිදුනොවුණ දෙයක්. අපිට අද ඩොලර් නැහැ,  ඒ වගේම රුපියලුත් නැහැ. 

2) වත්මන් පරිපාලනය මීට වගකිව යුතු නම් ඔවුන්ට දඬුවම් ලබාදීමක් සම්බන්ධයෙන් මේවන තෙක් කිසිවක් සිදුව නැහැ. ජනාධිපති තවමත් බලයේ සිටිනවා. ඔහුගේ සහෝදරයා අගමැතිධූරයෙන් ඉවත්වුවත් ඔවුන්ගේ පවුල දශක දෙකක් පුරාවට මේ රට පාලනය කළේ.
ජනාධිපති ඉවත්විය යුතුද ?

එය ඉතාමත් මතභේදාත්මකයි. අද වන විට තරුණයින් ගාලුමුවදොර වෙතට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ අදහස ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව. එම අදහස පිටතත් පවතිනවා. සමහරක් දේශපාලන පක්ෂ තුළ පවා. ඒ වගේම නීතීඥ සංගමයේ මතය වන්නේ විධායක ජනාධිපතිධූරය අහෝසි කළ යුතු බවයි. ඔවුන් ජනාධිපතිගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර නැහැ. ඒ අනුව මතයන් දෙකක් මේ වන විට තිබෙනවා. මම යෝජනා කරන්නේ 21 වැනි සංශෝධනය සම්මත කරමින් නැවත 19 වැනි සංශෝධනයට ඇතුළත් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සහ අගමැතිගේ බලය ශක්තිමත් කිරීම තුළින් සියලු පක්ෂ නායකයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඉදිරියේ එකඟතාවයකට පැමිණිය යුතු බවයි.

3) යුක්‍රේනයේ යුද්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ලවුණාද කියලා ඔබ හිතනවාද? කෙටි කාලයකදී එය ව්‍යසනයක් බවට පත්වේවිද?

අපේ ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීම නිසා ඉදිරි සහල් වගා සමයේදී අපිට සම්පූර්ණ නිෂ්පාදනයක් ලබාගැනීමට නොහැකියි. ඒ නිසා අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ ලෝක ආහාර අර්බුදයත් ඇතිවෙන කාලය තුළදී. අපි බලමු ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකම් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා.

4) ශ්‍රී ලංකාවට කෙටි කාලයක් තුළදී ආධාරදීමට පැමිණෙන ජාත්‍යන්තරයට ඔබට ප්‍රකාශ කිරීමට ඇත්තේ කුමක්ද..ඔබ ලබාගත් ණය සඳහා පොලිය ගෙවීමට නොහැකිව ඇති පසුබිම තුළදී ?

අපිට දැන් ණය ගෙවීමට හැකියාවක් නැහැ. අපිට ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය මුදල් නැහැ. අපි එය පිළිගත යුතුයි. එය අප ලැජ්ජාවට පත්වන කරුණක් නමුත් මෙය තමයි යථාර්තය. අපි අපගේ පාර්ශ්වකරුවන් සමග කටයුතු කරනු අතර ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනවා. අපි IMFසමග කටයුතු කළද ඊට කාලයක් ගතවෙනවා. ඉන්දියාව තම ක්ෂණිකව අපට ප්‍රතිචාර දැක්වුයේ අපිට ඔවුන්ගෙන් මුදල් ලැබුණා. එය අපිට දැනට ප්‍රමාණවත් කටයුතු කරගෙන යාමට. අපි හිතනවා ඉදිරි මාස කිහිපයේදී අනෙක් ආධාර පාර්ශ්වයන්ගෙන් ප්‍රතිචාර ලැබේවි කියා.

5) මේ මොහොතේ විදේශිකයන්ට සංචාරය සඳහා ශ්‍රී ලංකාව ආරක්ෂිතයි කියලා ඔබ හිතනවද?

වෙනස්ම අත්දැකීමක් ලැබීම කැමති අයට මෙහි පැමිණෙන්න පුළුවන්. සමහරවිට ඔවුන්ට විරෝධතාවලට සහාය දක්වන්නත් පුළුවන් වෙයි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා සඳහන් පුවරු අරන් විරෝධතා කරන්න ඔවුන්ට පුළුවන් වෙයි. නැත්නම් අගමැතිවරයාට ගෙදර යන්න කියලා පුවරුවක් අල්ලන් ඉන්න පුළුවන්. කැමති ඕනෙ දෙයක් කරන්න පුළුවන්.

6) සියලු දේ සැහැල්ලුවෙන් ගැනීම ගැන සතුටුයි. නමුත් එය ගැඹුරු ප්‍රශ්නයක්. සංචාරක කර්මාන්තය කියන්න නැගී එන වෙළෙඳපොළක ඉතාමත් වැදගත් ආදායම් මාර්ගයක්. ඔබ කියන්න සංචාරකයින්ට එන්න එපා කියලද?

අපි සංචාරකයින්ගේ පැමිණීම අධෛර්යමත් කරනවා නෙමෙයි. නමුත් අපිට වැටහෙනවා විදේශ සංචිත හිඟකම, රට තුළ පැවැත්වෙන විරෝධතා, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟකම නිසා ඔවුන් මේ මොහොතේ ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
26 ° C
26 °
26 °
82 %
1.8kmh
0 %
Sun
29 °
Mon
28 °
Tue
28 °
Wed
28 °
Thu
27 °
Exit mobile version