HomeSri Lanka Newsගොඩ බෑ නෞකාවේ ගෑස් අද සිට වෙළඳපලට - ප්‍රමුඛත්වය නාගරික ජනතාවට...

ගොඩ බෑ නෞකාවේ ගෑස් අද සිට වෙළඳපලට – ප්‍රමුඛත්වය නාගරික ජනතාවට…

-

ගොඩ බෑ නෞකාවේ ගෑස් අද සිට වෙළඳපලට – ප්‍රමුඛත්වය නාගරික ජනතාවට…

දින කිහිපයක සිට අත්හිටුවා තිබූ ගෑස් බෙදාහැරීමේ කටයුතු අද යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එම සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ මෙරටට ගෑස් රැගෙන එන නෞකා 02 ක් සඳහා ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් ගෙවූ බවයි.

ඒ අනුව එම නෞකා දෙකෙන් ගෑස් මෙට්ට්‍රික් ටොන් 2800 ක් රැගත් නෞකාව ඊයේ මෙරටට ලගා වූ බවත් එම ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව අද උදෑසන සිට ගෑස් තොග බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවත් ඔහු සඳහන් කළා. අද සිට දිනකට ගෑස් සිලින්ඩර 80,000 ක් පමණ වෙළඳපලට සැපයීම සිය අරමුණ බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ.

මුදල් ගෙවීම් සිදුකළ අනෙක් ගෑස් නෞකාව හෙට දිනයේදී මෙරටට ලගාවීමට නියමිත බව ද ඔහු සඳහන් කළා. ඒ අනුව මෙම ගෑස් තොගය මෙරට දෛනික ගෑස් අවශ්‍යතාවයෙන් දින 07 කට පමණ ප්‍රමාණවත් වනු ඇති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. කෙසේවෙතත් ගෑස් බෙදාහැරීමේ කටයුතුවලදී නගරාශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමුඛතාව ලබාදෙන බව ද එම සමාගම සඳහන් කළා.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මතුව ඇති ගෑස් හිගය නිමාවීම සඳහා තවත් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් නෙත් නිවුස් වෙත වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අද දිනයේදී පෙට්‍රල් බෙදාහැරීම සීමිතව සිදුවන බැවින්  පිරවුම්හල් අසල පෝලිම් වල රැඳී නොසිටින ලෙස ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා. පෙට්‍රල් යළි සාමාන්‍ය පරිදි බෙදා හැරීම හෙට සිට සිදුකරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °
Exit mobile version