HomeSri Lanka Newsගෑස් තොග පැමිණෙන දිනය ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්...

ගෑස් තොග පැමිණෙන දිනය ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්…

-

ගෑස් තොග පැමිණෙන දිනය ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්…

ගෑස් තොග රැගෙන මෙරටට ලගාවීමට නියමිත නෞකා 02 ක් සඳහා අද දිනයේදී මුදල් ගෙවීම සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3500 බැගින් රැගෙන නෞකා 02 ක් මෙම සතියේදී මෙරටට ළගාවීමට නියමිත බවයි. ඒ අනුව අදාළ නෞකා 02 සඳහා ගෙවන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 07 ක්.

අදාළ නෞකා 02 න් එක් නෞකාවක් ලබන බදාදා හෝ බ්‍රහස්පතින්දා දිනයේදී මෙරටට ලගාවීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.
ගෑස් රැගත් අනෙක් නෞකාව මෙරටට ලගාවීමට නියමිතව ඇත්තේ ලබන සෙනසුරාදා දිනයේදීයි. එම නෞකා මෙරටට ලගාවූ වහාම එහි ඇති ගෑස් තොග නිදහස් කර ගැනීම ආරම්භ කරන බවද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවා.

මෙට්ට්‍රික් ටොන් 3500 බැගින් රැගෙන එන නෞකා දෙකෙහි එක් නෞකාවකින් නිදහස් කර ගන්නා ගෑස් තොග මෙරට දින 04 ක පරිභෝජනය සඳහා ප්‍රමාණවත්. ඒ අනුව නෞකා 02 න් රැගෙන ගෑස් තොග මෙරට දින 08 ක පරිභෝජනය සඳහා ප්‍රමාණවත් වනු ඇති.

අදාළ නෞකා 02 ම මෙරටට ලගාවන්නේ ඕමානයේ සිටයි. එම නෞකා 02 මේවනවිට මාලදිවයිනට ලගාවී ඇති බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර ඉන්දියානු ණය පහසුකම යටතේ සහ ලෝක බැංකුවේ ආධාර යටතේ ගෑස් මිලදී ගැනීම සඳහා අදාළ සැපයුම්කරුවන් සමග මේවනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version