HomeSri Lanka Newsකොළඹ වරාය: ''ගෝඨාභය බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙවෙයි''...

කොළඹ වරාය: ”ගෝඨාභය බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙවෙයි”…

-

කොළඹ වරාය: ”ගෝඨාභය බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙවෙයි”…

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නැයි රජයට බල කරමින් බදාදා (ජූලි 22) යළිත් විරෝධතාවක් ආරම්භ කළ බව වරාය වෘත්තීය සමිති නායකයෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

ඔවුන් අවධාරණය කරන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට අදාළ ක්‍රියාවලිය රජය තවම හකුළාගෙන නොමැති බවය.

”අපි විශ්වාස කරන්නේ මේක විකුණන්නම තමයි ලෑස්ති කරගෙන යන්නේ. ඒකට පසුබිම තමයි මේ නිර්මාණය කරන්නේ. ඒකට විරුද්ධව වරාය සේවකයන් අද විරෝධතාවයක් පවත්වා ඉන් අනතුරුව සතියක් කලුපටි බැඳගෙන වැඩ කරනවා. ඒ කාලය තුළ යහපත් ප්‍රතිචාරයක් නැතිනම් අපි යළි වර්ජනයකට යනවා” යැයි පොදු ජන පෙරමුණට අනුබද්ධ වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති හා නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම පැවසීය.

වරාය වෘත්තීය සමිතිවල ඉල්ලීම මත පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ද විරෝධතාව පැවති ස්ථානයට වැඩම කළහ.

”වරාය කියන්නේ අපේ ජාතියේ හදවත බඳු සම්පතක්. ඒ සම්පත් ගැන මම පහුගිය කාලේ දිගටම කතා කළා. ඒ කතා කරලා තමයි සීයට හැට ගාණකින් ඡන්ද අරන් දුන්නේ. ඒ අරං දීලා ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කළේ මේවා රකින්න මිසක් විකුණන්න නෙමෙයි. අපි කැමති නෑ බොහොම දුක් විදලා හදපු ආණ්ඩුවක් යටතේ මේ තත්ත්වය වෙනවට” යනුවෙන් වරාය සේවකයන් හමුවූ අවස්ථාවදී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසුහ.

වරාය ගැටලුව ගැන පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සන්දේශයක්

කොළඹ වරායේ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය දිනවල අදහස් පළ කරන ලදී. එහිදී ඔහු කියා සිටියේ රටේ සම්පත් ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවන අතර වෙනත් රටවල් සමග දැනටමත් ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කර ඇති ගැටලුකාරී ව්‍යාපෘති, රාජ්‍ය තාන්ත්‍රික ගැටලු ඇති නොවන පරිදි විසදාගත යුතු බවය.

කලු පටි විරෝධය

කොළඹ වරයෙ සේවකයෝ වරාය පරිශ්‍රයේ සිට විරෝධතා පෙළපාලියකින් වරාය වෛත්‍යය අසළට පැමිණි අතර එහිදී රැස්වීමක් පවත්වා කලුපටි පැළඳුහ.

”නැගෙනහිර පර්යන්තයේ 49% ක් ඉන්දියාවටත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51%කුත් හිමිවන පරිදි 2020 ජුනි 09 වැනිදා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මේ අය දැන් හදන්නේ යහපාලන ආණ්ඩුව අත්සන් කරපු MOC එක MOU එකක් බවට පත් කරන්න. දැන් ගැන්ට්‍රි දොඹකර තුනක් නැගෙනහිර පර්යන්තයේ හයි කළාට අද වෙනතුරු වැඩ ගන්නේ නෑ. ඒ කියන්නේ ඉන්දියාවට දෙන ප්‍රයත්නය රජය විසින් සිදු කරමින් පවතිනවා” යැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

ජුනි 20 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන එන ලද ගැන්ට්‍රි දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීම දින 13ක් ප්‍රමාද වීම නිසා ඉල්ලීම් දෙකක් මුල් කරගෙන මීට පෙර ද වරාය සේවකයෝ විරෝධතාවක යෙදුණහ.

එම ඉල්ලීම් දෙක වූයේ,

  • කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පුර්ණ අයිතිය ශ්‍රී ලංකාව සතු විය යුතු අතර එහි මෙහෙයුම් ක්‍රියාත්මක කළ යුත්තේ වරාය අධිකාරිය පමණි.
  • වරායට රැගෙනවිත් තිබෙන නව ගැන්ට්‍රි දොඹකර තුන නැගෙනහිර පර්යන්තයේ සවි කිරීම සඳහා ගොඩබෑමට පියවර ගත යුතුය.

ජූලි 03 වැනිදා අග්‍රාමාත්‍යවරයා සමග පැවති සකච්ඡාවෙන් අනතුරුව ගැන්ට්‍රි දොඹකර තුන නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට අදාළ ඉල්ලීම ඉටු විය.

”දැන් ගැන්ට්‍රි දොඹකර හයිකරලා ඉවරයි. ඒවායින් වැඩ ගන්න නම් UCT එකේ ඉඳලා, ඒ කියන්නේ සමගි බහලු පර්යන්තයේ ඉඳලා ජංගම දොඹකර ටික ගෙනත් ස්ථාපිත කරන්න ඕනා. ඒ අතර වරාය ඇතුළෙන් යන පොර්ට් සිටියේ පාළමේ ෆයිල් ගහනවා පාර මැද. මේ ෆයිල් ගැහුවහම අර UCT එකේ තියෙන ජංගම දොඹකර ටික ගේන්න බෑ.” යනුවෙන් පොදු ජන පෙරමුණට අනුබද්ධ වාණිජ, කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති හා නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම පැවසුවේය.

කොළඹ වරායේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ විමසීමට වරාය අධිකාරියේ සභාපතිවරයා, කළමනාකාර අධ්‍යක්ෂවරයා හෝ විෂයභාර අමාත්‍යවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එම උත්සහයන් ව්‍යවර්ථ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version