HomeSri Lanka Newsඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් තහංචියක්...

ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් තහංචියක්…

-

ඇමති පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන්ට ජනපතිගෙන් තහංචියක්…

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් චක්‍රලේඛයක් මඟින් මේ බව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාතව්‍යවරුන් වෙනුවෙන් එවන් ලිපි හෝ දුරකථන පණිවිඩ නිකුත් කළ හැක්කේ අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් බවට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

අදාළ ලේකම්වරුන් විසින් අග්‍රාමාත්‍යවරයාගේ සහ අනෙක් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩල මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.

තවද එවැනි කටයුතු මින් පෙර සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙසටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ.

අදාළ වයස් සීමාව මීට පෙර අවුරුදු 35ක් ලෙස නියම කර තිබුණි.

වයසින් වැඩි උපාධිධාරීන්ගේ සහ තවත් මහජන සංවිධානවල ඉල්ලීම් සලකා අයඳුම්කළ හැකි වයස් සීමාව ඉහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රැකියා අපේක්ෂකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ එයට සමාන සුදුසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019/12/31 වන දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතුයි.

අයඳුම්කරු, අයඳුම්පත ඉදිරිපත් කරන ලබන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්ථීර පදිංචිකරුවෙකු විය යුතු අතර මේ වසරේ ජනවාරි මස 01 වන දිනට පෙර උපාධිය ලබා වසරකට වැඩි කාලයක් රැකියා විරහිතව සිටි බවට ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශිය ලේකම්වරයා විසින් සහතික කල යුතු වෙයි.

අයඳුම්පත නිසි පරිදි සම්පූර්ණ කර උපාධි සහතිකය හෝ ඩිප්ලෝමා සහතිකය සහ ප්‍රතිඵල ලේඛනයේ ඡයා පිටපතක් මේ මස 20 වන දිනට පෙර එවිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
27 ° C
27 °
27 °
83 %
3.5kmh
65 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °
Exit mobile version