HomeSri Lanka Newsශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවකට දින නියම කෙරේ…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ තීරණාත්මක සාකච්ඡාවකට දින නියම කෙරේ…

-

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළැඹෙන නොවැම්බර් 03 වනදා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් (Sarwat Jahan), තම සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ටුබගස් ෆෙරිධනුසෙට්‍යාවන් (Tubagus Feridhanusetyawan) යන මහත්ම මහත්මීන් අතර හමුවක් පෙරේදා (27) පස්වරුවේ ජනාධිපති කාර්ය‌ාලයේ පැවැත්වුණු අතර එහිදී මේ බව සඳහන් කෙරිණි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පූර්ව ක්‍රියාමාර්ග පිළිබඳ මෙන්ම ණය හිමියන්ගේ සමුළුව පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමුවිය.

මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ කරුණු පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය කඩිනමින් දැනුම් දීමට අපේක්ෂා කරන බව සාගල රත්නයක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ට පැවසීය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
74 %
2.6kmh
49 %
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
29 °
Exit mobile version