HomeSri Lanka Newsණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද…

-

විදෙස් රටවලින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (03) දින පැවැත්වීමට නියමිතව තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, රජයේ බලධාරීන් සහ අදාළ ණයහිමියන් අතර සූම් තාක්‍ෂණය ඔස්සේ එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම සඳහා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකළ යුතු වේ.

ඒ අනුව එම ණයහිමියන් සමග සාකච්ඡා කොට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය ලබාගැනීමට අපේක්ෂා කරන අතර ඒ සම්බන්ධයෙන් මීට පෙර ද සාකච්ඡාවක් පැවැත්වුණි.

එම සාකච්ඡාවට සමගාමීව අද දිනයේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
32 ° C
32 °
32 °
72 %
4kmh
71 %
Mon
31 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °
Exit mobile version