HomeSri Lanka News'ගෝඨා ගෝ ගම' ට පහරදුන් සිද්ධියට මහින්ද ඇතුළු පිරිසකට නියෝගයක්…

‘ගෝඨා ගෝ ගම’ ට පහරදුන් සිද්ධියට මහින්ද ඇතුළු පිරිසකට නියෝගයක්…

-

ගාලු මුවදොර පැවැති “ගෝඨා ගෝ ගම” අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.

ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර පැවැති “ගෝඨා ගෝ ගම” අරගල භූමියට කඩාවැදී පහරදීමේ සිද්ධිය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනයවූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජුනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

ලහිරු චානක ඇතුළු අරගලකරුවන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

ඒවා අද (09) විජිත් මළල්ගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකාබැලුනි.

දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
80 %
3.3kmh
92 %
Sun
28 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version