HomeSri Lanka Newsඅඩු බර පාන් හදන හේතුව බේකරි හිමියන්ගේ සභාපති පහදයි...

අඩු බර පාන් හදන හේතුව බේකරි හිමියන්ගේ සභාපති පහදයි…

-

තිරිඟු පිටි සහ සෙසු අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ඇතැම් බේකරි හිමියන් අඩු බරින් යුතු පාන් නිෂ්පාදනයට පෙළඹී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන සඳහන් කරනවා.

මේ වන විට තිරිඟු පිටි ඇතුළු අමුද්‍රව්‍යවල මිල 300% කින් පමණ මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තත්ත්වය හේතුවෙන් පාන් නිෂ්පාදනයෙන් බේකරිහිමියන් ඉවත් වෙමින් සිටින බවත් මේ වනවිටත් බේකරි 2000කට වැඩි සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවයි සභාපතිවරයා පැවසුවේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තිරිඟු පිටි ඇතුළු සෙසු අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ ග්‍රෑම් 400ක පාන් ගෙඩියක් රුපියල් 190ට 200ට වැනි මුදලකට නිෂ්පාදනය කළ නොහැකි නිසාත් ඇතැම් බේකරිහිමියන් මෙලෙස අඩු බර පාන් නිෂ්පාදනයට පෙළඹී සිටින බවයි.

එමෙන්ම අඩු බර පාන් වැටලීම් සිදු කිරීම ඊට විසඳුමක් නොවන බව පවසන සභාපතිවරයා බේකරි හිමියන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුමක් දෙන තුරු මෙම ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවයි සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version